Nov 05, 2020

LPL පැවැත්වීමට අවසර ලැබෙයි Featured

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිවී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා තෙක් පැවැත්වීමට නියමිතය.

තරඟාවලියේ පළමු තරඟය 21 වැනිදා රාත්‍රී 07.30ට කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර එම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ සියලු තරඟ හම්බන්තොට සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට සැළසුම් කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top