Nov 09, 2020

සාරංග, "ජැෆ්නා ස්ටැලියන්ස්" සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යක්ෂක ධූරයට

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ප්‍රධානතම කණ්ඩායමක් වන ජැෆ්නා ස්ටැලියන්ස්හි සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස සාරංග විජයරත්න පත්කරනු ලැබූ බව එහි හිමිකාරත්වය දරන සමගම විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද සේවය කර ඇති ඒ මහතා විජය පුවත්පත් සමාගම හා සිලෝන් නිව්ස්පේපර්ස් සමාගම ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන කිහිපයක ප්‍රධාන තනතුරු දරා ඇති අලවිකරණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රවිනයෙකි.

තම පත්වීම පිලිබදව අදහස් දක්වමින් විජයරත්න මහතා සදහන් කලේ "ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරලන LPL මංගල තරගාවලියේදී අනාගතය සම්බන්දයෙන් බලාපොරොත්තු රැසක් සමග තරග වදින "ජැෆ්නා ස්ටැලියන්ස්" හා එක්වීම පිළීබදව ඉමහත් සතුටට පත්වන බවයි.

"ජැෆ්නා ස්ටැලියන්ස්" මෙම තරගාවලිය එක්වන්නේ LPL තරගාවලිය තම මුල් පදනම ලෙස යොදාගනිමින් දක්ෂතා සපිරි ප්‍රාදේශීය ක්‍රීඩකයන් ඔවුනට අවශ්‍යය පහසුකම් හා තාක්ෂණික සහාය සමග වෘතිය හා තරගකාරී ක්‍රිකට් ක්‍රීඩා කිරීම කෙරෙහි යොමුකරවීමේ දීර්ඝකලින බලාපොරොත්තු සහිතව බැවින් එම අරමුණු කරා ළගාවීමට එංගලන්තය, ඔස්ට්‍රේලියාව හා කැනඩාවේ ස්ථානගත ආයතනික කළමනාකරණ කණ්ඩායම සමග කටයුතුකිරීමට ලැබීම උද්‍යෝගමත් අත්දැකීමක් වනු ඇති බවද" විජයරත්න මහතා පැවසිය.

මේ පිලිබදව අදහස් දැක්වූ "ජැෆ්නා ස්ටැලියන්ස්" ප්‍රධාන විධායක නිලධාරී සෙලවා වරන් මහතා සදහන් කලේ "සාරංග විජයරත්න මහතා අලවිකරණ, සන්නිවේදන හා මාධ්‍ය විශේෂඥයෙකු ලෙස ඔහුගේ දැනුම හා අත්දැකීම් අපේ ආයතනයට විශාල ශක්තියක් ගෙන එනු ඇති බවයි. එසේම ඔහුගේ පැමිණීමත් සමගම මුද්‍රිත, දෘශ්‍ය හා ඩිජිටල් මාධ්‍යතුල ඔහුගේ ලබාගෙන ඇති අත්දැකීම්ද "ජැෆ්නා ස්ටැලියන්ස්" කණ්ඩායමේ පුළුල් අරමුණු ඉටුකරගැනීමට රුකුලක් වනු ඇතැයි" වරන් මහතා ප්‍රකාශ කරන ලදී.

"ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන්ම අපේ සන්නිවෙදන යාන්ත්‍රනය ශක්තිමත් කිරීමේ උපාය මාර්ග සකසමින් සිටින මේ අවස්ථාවේදී අප සමග සරංහ විජයරත්න එකතුවීම ශක්තියක්" බවට මේ පිලිබදව අදහස් දැක්වූ "ජැෆ්නා ස්ටැලියන්ස්" ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ මහේෂ් අභයවර්ධන මහතා පැවසිය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top