Nov 11, 2020

ඉන්දීය නායකත්වය කෝලිගෙන් ගලවා රෝහිත් ට දිය යුතුයි 

ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායම නායකත්වය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ට ලබා දියයුතු බවද එසේ නොකළහොත් එය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අවාසනාව බව හිටපු ඉන්දීය ආරම්බක පිතිකරු ගෞතම් ගාම්බීර් පවසයි.

මේ වනවිට ඉන්දීය ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් වල නායකත්වය දරන්නේ විරාත් කෝලි ය.

නමුත් ටෙස්ට් නායකත්වය කෝලි ට දී එක්දින කණ්ඩායමේ නායකත්වය ට රෝහිත් පත්කිරීම කළ යුතු බව ගාම්බීර් සදහන් කරයි.

ඔහු මෙසේ පැවසුවේ ඊයේ (10) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පස්වැනි වරටත් IPL ශූරතාවය ජයගැනීමෙන් පසුවය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top