Nov 12, 2020

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා සංචාරයේ කාල සටහන නිකුත් වෙයි     Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට අදාළව හෙට (13) වැනිදා සිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පුහුණු කඳවුරක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

‘ජෛව සුරක්ෂිත පරිසරයක්’ යටතේ පැවැත්වෙන දින 10 ක පුහුණු කඳවුරට ක්‍රීඩකයින් 22 දෙනෙකු ඇතුලත් වේ.

පුහුණු කඳවුර අවසන් වූ පසු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් හම්බන්තොට බලා පිටත්ව යන අතර සෙසු අය නොවැම්බර් 22 වැනිදා කොළඹට පැමිණෙනු ඇති අතර ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායම 2020 දෙසැම්බර් 17 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතය.

තරග කාලසටහන පහතින් දැක්වේ.

2020 දෙසැම්බර් 20 සිට 22 දක්වා - දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායමට එරෙහිව

2020 දෙසැම්බර් 26 සිට 30 දක්වා - පළමු ටෙස්ට් තරගය (WTC) සුපර් ස්පෝර්ට් පාක්, සෙන්චූරියන්

2021 ජනවාරි 03 සිට 07 දක්වා - දෙවැනි ටෙස්ට් තරගය (WTC) ඉම්පීරියල් වොන්ඩරර්ස් ක්‍රීඩාංගණය, ජොහැන්නස්බර්ග්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top