Nov 14, 2020

ආර්ජන්ටිනා ඉතිහාසයේ පළමු වරට ප්‍රබල All Blacks පරදවයි

ආර්ජන්ටිනා රග්බි ඉතිහාසයේ පළමු වරට ලෝක ශූර නවසීලන්ත රග්බි කණ්ඩායම 25ට -15ක් ලෙස පරාජයට පත් කිරීමට අද (14) සමත්වී ඇති බව විදෙම් මාධ්‍ය වාර්තා කරයි.

ඒ රග්බි ශූරතා තරගාවලියට සමගාමීව පැවති තරගයකදීය.

ආර්ජන්ටිනා කණ්ඩායම මෙසේ ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළේෙ මාස 13කට පසුවවීමද විශේෂත්වයකි.

මෙය නවසීලන්තය මෙම තරග වාරයේ ලැබූ දෙවන පරාජය වන අතර ඔවුන් පසුගිය සතියේදී ඔස්ට්‍රේලියාව හමුවේ 24ට - 22ක් වශයෙන් ද පරාජයට පත් විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top