Nov 14, 2020

LPLහී තවත් කණ්ඩායමක හිමිකාරීත්වය බොලිවුඩයට

ලබන 26 වැනිදා ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දඹුල්ල ලයන්ස් කණ්ඩායම බොලිවුඞ් නළුවෙකු හා ව්‍යාපාරිකයෙකු වන සචින් ජෝෂි විසින් මිලදී ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව කණ්ඩායම් 5ක් ක්‍රීඩාකරන මෙම තරගාවලියේ කණ්ඩායමක් මිලදී ගත් දෙවන ඉන්දීය ජාතිකයා වන්නේ ද සචින් ජෝෂිය.

මීට පෙර මහනුවර හෙවත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම බොලිවුඞ් නළු සල්මන් ඛාන්ගේ සොහොයුරා වන සොහිල් ඛාන් විසින් මිලදීගනු ලැබීය.

දසුන් ශානක විසින් නායකත්වය දරනු ලබන දඹුල්ල කණ්ඩායම සඳහා බටහිර ඉන්දීය කොදෙව් තුන්ඉරියව් ක්‍රීඩක කාර්ලෝස් බ්‍රැත්වෙයිට් හා ආරම්භක පිතිකරු ලෙන්ඩල් සිමන්ස්, එංගලන්ත තුන්ඉරියව් ක්‍රීඩක සමිත් පටෙල්, අයර්ලන්ත ආරම්භක පිතිකරු පොල් ස්ටාර්ලින්, සිම්බාබ්වේ කඩුළු රකින ක්‍රීඩක හා ආරම්භක පිතිකරු බෙ‍්‍රන්ඩන් ටේලර් සහ ඉන්දියානු පන්දුයවන ක්‍රීඩක සුදීප් තියාගි වැනි විදෙස් ක්‍රීඩකයින් ද ඇතුළත් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top