රණතුංග මහතා සිය ලිපිය මගින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මුලික වේ ශයනපහත දැක්වෙන ප්‍රශ්න යොමුකර ඇත.
01. මෙම තරගාවලිය අයි.සී.සී.ය විසින් අනුමත කර තිබේද ? එය ඍජු මැදිහත් වීමක්ද ?
02. මෙම තරගාවලිය අයි.සී.සී. දූෂණ විරෝධී නිලධාරීන් අධීක්ෂණය කරන්නේද ?
03. අයි. සී. සී. දූෂණ විරෝධී නිලධාරීන් මෙම තරගාවලිය අධීක්ෂණය නොකරන්නේ නම් එම කාර්යය සිදුවන මෙරට ආචාර්ය ධර්ම පද්ධතිය කුමක්ද ?
04. ක්‍රීඩයින් තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කරන්නේ කවුරුන් සමඟ ද? ( ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ? කණ්ඩායම් හිමිකරුවන් සමඟ ද? )
05. මෙම තරගාවලිය පාලනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් තිබේද ? (එසේනම් ඒ කුමන අංශයෙන්ද ?)
06. කණ්ඩායම් හිමිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කර ඇති තක්සේරුව මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් ද ?
ඊට අමතරව, දේශීය තරග පාවාදිමට වැරදිකරුවකු වූවකු මෙම තරගාවලියේ අධ්යක්ෂ ධුරයේ කටයුතු කිරීම ක්‍රීඩාවේ ජීව ගුණයට උචිත ද යන්නද රණතුංග මහතා සිය ලිපියෙන් ප්‍රශ්න කර තිබේ.

