Nov 17, 2020

මාලිංග මාස 8කින් පුහුණුවෙලා නෑ: LPL හට ක්‍රීඩා කිරීම අවිනිශ්චිතයි

පසුගිය මාර්තු මාසයෙන් පසුව පුහුණුවීම් කර නොමැති ශ‍්‍රී ලංකා විස්සයි - 20 කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ගෝල් ග්‍රැලැඩියේටර් පිලට එක්වීම අවිනිශ්චිත බව ක්‍රිකට් පිටියෙන් වාර්තා වේ.

ඔහු මේ සම්බන්ධයෙන් මේවන විටත් බලධාරීන් දැනුවත් කර ඇති බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මාලිංග ගෝල් ග්‍රැලැඩියේටර් පිලේ නායකයා ලෙස කටයුතු කරන බව මීට පෙර වාර්තා විය.

ග්‍රැලැඩියේටර් පිලට ලසිත් මාලිංග, පකිස්තානු තුන් ඉරියව් ක‍්‍රීඩක ෂහීඞ් ඇෆ්රිඩි පකිස්තානු වේග පන්දු යවන ක‍්‍රීඩක මොහොමඞ් අමීර්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය, සහ ෂෙහාන් ජයසූරියද ඇතුළත්ව සිටින බව පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top