Nov 18, 2020

LPL ගැන මහේලගේ අදහස කියයි Featured

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩකයින්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමට හොඳම තෝතැන්නක් බවට ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලිය පත්ව ඇති බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක, වත්මන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු හා මෙරට ජාතික කී‍්‍රඩා සභාපති මහේල ජයවර්ධන පවසයි.

අද ලෝකයේ බොහෝ රටවල පි‍්‍රමියර් ලීග් තරගාවලි පැවැත්වෙන බවත් මෙරටදීත් පි‍්‍රමියර් ලීග් තරගාවලියක් ආරම්භ කිරීම ඉතාම වටිනා දෙයක් බවත් මහේල සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික කී‍්‍රඩා සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

"විශේෂයෙන්ම අයි.පී.එල්. තරගාවලිය කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන්ට හොඳ අත්දැකීමක් ලැබෙනවා. උදාහරණයක් ලෙස ඉසුරු උදානට මෙවර තරගාවලියේදී ලොකු අත්දැකීමක් ලැබුණා. ඔහු සිටින ස්ථානය කුමක්ද? ඔහු නිවැරදි කරගත යුතු වැරදි මොනවද? යන්න අවබෝධයක් මෙවර තරගාවලියේදී ඔහුට ලැබෙන්න ඇති. ඒ නිසා ලෝකයේ කොහේ හෝ තරගාවලියක ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙකු කී‍්‍රඩා කරනවා නම් ඒ හරහා ඔහුට හොඳ අත්දැකීමක් ලැබෙන බව මම දන්නවා.අපි හැමෝම දන්නවා ලසිත් මාලිංග කියන්නේ කොච්චර දක්ෂ කී‍්‍රඩකයෙක්ද කියලා. ඔහු එක දිගට අයි. පී. එල්. තරගාවලිය කී‍්‍රඩා කරමින් පසුගිය අවුරුදු කිහිපයට ලබා ගත් අත්දැකීම් බොහොමයක් තිබෙනවා. ඒ නිසා එවැනි මට්ටම එන්න කී‍්‍රඩකයින්ට අවශ්‍යයි. අයි. පී. එල්. නැතිනම් වෙනත් පි‍්‍රමියර් ලීග් තරගාවලියක් හෝ කී‍්‍රඩා කිරීමට ඔවුන්ට අවස්ථාව සලසා දිය යුතුයි.

අයි. පී. එල්. කී‍්‍රඩා කරන්න බැරිවුණු කී‍්‍රඩකයන්ට තවත් තරග අවස්ථා ඇති බවත් ඔවුන්ට එම තරග අවස්ථා ලබා දිය යුතු බවත් මහේල ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කර සිටියේය. ‘අයි. පී. එල් නැතිනම් බී. පී. එල්. තියෙනවා, එවැනි තරගාවලි කී‍්‍රඩා කිරීමට කී‍්‍රඩකයින්ට අවස්ථාව ලබා දිය යුතුයි. පසුගිය කාලයේ මම දැක්කා සමහර කී‍්‍රඩකයන්ට එවැනි තරග කී‍්‍රඩා කිරීමට අවස්ථාව ලැබිල තිබුණත් අවසරය ලැබිලා තිබුණේ නැහැ. ජාතික කණ්ඩායමට කී‍්‍රඩා කිරීමේදී ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීම් ලබා තිබීම වැදගත් වෙනවා."

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top