Nov 18, 2020

ජාතික පාපන්දු පිලේ 3කට කොරෝනා!

ශ්‍රී ලංකාවේ සිටින මුල් පෙළේ පාපන්දු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට Covid-19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

එසේ Covid-19 ආසාදනය වූ පාපන්දු ක්‍රීඩකයන් අතර ආරක්ෂක අංශ දෙකක් යටතේ තරග වදින සහ පාපන්දු ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් තිදෙනෙකු ද සිටින බව පැවසේ.

මේ අතරින් එක් අයෙකු මුල් පෙලේ දැල් රකින්නකු බවද පැවසේ.

ආසාදිත සියලුම ක්‍රීඩකයන් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන් හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවද වාර්තා වේ.

මීට ඉහතදී ජාතික මට්ටමේ පැසිපන්දු ක්‍රීඩකයන් දෙදෙනකුට, රග්බි ක්‍රීඩකයකුට සහ දැල්පන්දු ක්‍රීඩිකාවකට Covid-19 ආසාදනය වී ඇති බවට මාධ්‍ය වාර්තා පලව තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top