ඔහු ඕස්ට්‍රේලියාව සමඟ පැවැති තරග තුනේදී ලකුණු 140ක් රැස්කරගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ ලැයිස්තුවේ දෙවැනි තැනට පත් විය. දෙවැනි තරගයේ නොදැවී ලබාගත් ලකුණු 84 ඔහු එම තරගාවලියේ ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණයයි. එය තරගාවලියේ පිතිකරුවකු ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණයද වේ.
තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාවන්නේ මයිකල් ක්ලිංගර්ය. ඔහු තරග තුනේදී ලකුණු 143ක් ලබා ඇත.
වැඩිම කඩුලු මාලිංගට
මේ තරගාවලියේ ද වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින්නේ ලසිත් මාලිංගය. ඔහු තරග තුනේදී ලකුණු 95කට කඩුලු 6ක් බිඳ හෙලා ඇත.
හොඳම පන්දුයැවීම නුවන්ගෙන්
කෙසේවුවද, මේ තරගාවලියේ හොඳම පන්දු යැවීම සටහන්කර ගැනීමට සමත්ව සිටින්නේ නුවන් කුලසේකරය ඔහු ලකුණු 31කට කඩුලු 4ක් දවාගනිමන් එය සටහන් කර තිබේ.