Nov 19, 2020

නුවන් සොයිසාගෙන් විශේෂ ප්‍රකාශයක් (Update) Featured

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීන්දු ප්‍රකාශයක් හෝ නිකුත් නොකර සාවද්‍ය ලෙස තමා වැරදිකරුවෙකු බවට පළකොට ඇතැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු නුවන් සොයිසා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අයි.සී.සී. දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් කරන ලද විභාගයකින් අනතුරුව සොයිසා මහතා වරදවල් තුනකට වැරදිකරුවී ඇති බවට පලව ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේබව දක්වා තිබේ.

හෙට (20) මොරටුවේ පිහිටි සිය නීතීඥයාගේ කාර්යාලයේදී මාධ්‍ය අමතා තමාගේ ස්ථාවරය හෙළිකරන බවද ඔහු මාධ්‍යවෙත දැනුම්දී තිබේ.

--- (අවසන් යවත්කාලීන කිරීම : 19 නොවැම්බර් 2020 පස්වරු : 16:47)

නුවන් සොයිසාව ICCයේ දූෂණ චෝදනා 3කට වරදකරු කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් කරන ලද විභාගයකින් අනතුරුව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සහ පුහුණුකරු නුවන් සොයිසා වරදවල් තුනකට වැරදිකරු වී තිබේ.

වසර 2018  නොවැම්බර් මාසයේදී ඔහුට එරෙහිව චෝදනා ගොණු කෙරුණි.

නුවන් සොයිසාට තවදුරටත් තරග තහණමක් ක්‍රියාත්මක වන අතර පණවන දඩුවම් කවරේද යන්න ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

තරග පාවාදීමක් සම්බන්ධයෙන් තොරතුරු දැනුවත්ව ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් නොකිරීම ඇතුලු චෝදනා කිහිපයක් ඔහුට එල්ලවී තිබේ.

අයි.සී.සී.ය නුවන් සොයිසාට එරෙහිව දක්වා ඇති චෝදනා පහත දැක්වේ.

Nuwan Zoysa 20 11 19

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top