Nov 24, 2020

දශකයේ ICC සම්මාන සඳහා ලාංකිකයන් 4ක් Featured

දශකයේ ICC ක්‍රිකට් විශිෂ්ඨතා සම්මාන (ICC Awards of the Decade) සඳහා මෙවර ශ්‍රී ලාංකිකයන් සිවුදෙනෙකු නිර්දේශ වී තිබේ.

කුමාර් සංගක්කාර, රංගන හේරත්, ලසිත් මාලිංග හා මහේල ජයවර්ධන මෙලෙස නිර්දේශ වී ඇත.

කුමාර් සංගක්කාර දශකයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා හා දශකයේ ICC එක්දින ක්‍රීඩකයා යන සම්මාන සඳහාද රංගන හේරත් දශකයේ ICC ටෙස්ට් ක්‍රීඩකයා යන සම්මානය සඳහාද, මාලිංග දශකයේ ICC එක්දින ක්‍රීඩකයා යන සම්මානය සඳහාද මහේල ජයවර්ධන දශකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැඳී ICC ක්‍රීඩකයා යන සම්මානය සඳහාද නිර්දේශ වී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top