Nov 25, 2020

ලෝකයම දන්නවා මගේ කතාව - මාලි, LPL හැර ගියාට කොන්ත්‍රාත් මඩක් Featured

තමා රටට කළ දේ කුමක්ද යන්න ලෝකයම දන්නා බව ශ‍්‍රී ලංකා විස්සයි - 20 කණ්ඩායමේ නායක හා සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

ඔහු මේ බව පැවසූවේ හෙට (26) ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ගත් තීරණයෙන් පසුව ඔහුව ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍යන් හී විවේචනයට ලක් කළ අයට දුන් පිළිතුරක් වශයෙනි. 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වූ සමහරක් ක්‍රීඩකයින්ට එරහිව සමාජ මාධ්‍යන් තුල කොන්ත්‍රාත් මඩ ව්‍යාපාරයක් ආරම්භවී තිබූ බව ක්‍රිකට් විචාරකයින්ගෙන් වාර්තා වාර්තා වේ.

මේ වන විට 37 වැනි වියේ පසුවන ලසිත් මාලිංග මෙවර එල්. පී. එල්. තරගාවලිය ක‍්‍රීඩා කිරීමට නොහැකි බව පවසා සිටියේ ප‍්‍රමාණවත් පුහුණුවක් නොමැති බැවිනි. 
කෙසේ වෙතත් සති දෙකක්වත් පුහුණුවීමට කාලයක් තිබුණේ නම් ඔහු එල්. පී. එල්. ක‍්‍රීඩා කිරීමට සූදානම් බවද සඳහන් කර තිබේ.  

මාලිංග විස්සයි විස්ස තරග 84 කදී බිඳ දමා ඇති කඩුලූ සංඛ්‍යාව 101 කි.ලොව පළමු විස්සයි 20 කඩුලූ 100 දවාගත් පන්දු යවන්නාද වන ඔහු වන අතර අයි. පී. එල්. ඉතිහාසයේ වැඩිම කඩුලූ ලාභියාද වේ.

සබැඳි පුවත්

මාලිංග මාස 8කින් පුහුණුවෙලා නෑ: LPL හට ක්‍රීඩා කිරීම අවිනිශ්චිතයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top