Nov 25, 2020

ICCයේ නව සභාපති බාර්ක්ලේ Featured

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි. සී. සී.) නව සභාපතිවරයා ලෙස නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන ග්‍රෙග් බාර්ක්ලේ පත්වී තිබේ.

ඡන්ද විමසීමේදී ඔහු හමුවේ පරාජයට පත්වූයේ ඉම්රාන් ක්වාජා ය.  

ඊයේ පැවති පළමු වර ඡන්ද විමසීමේදී බාර්ක්ලේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 10කි.එහෙත් අයි සී සී රෙගුලාසි අනුව ඡන්ද 11 ක් ලබාගත යුතු බැවින් දෙවන වරටත් ඡන්ද විමසීමක් සිදුකර තිබුණි.

ඒ අනුව දෙවැනි වටයේදී ඡන්ද 10 ක් ලබා අයි සී සී නව සභාපතිවරයා ලෙස ග්‍රෙග් බාර්ක්ලේ තේරී පත් විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top