Nov 25, 2020

සුපිරි පාපන්දු තරුව මැරඩෝනා දිවියෙන් සමුගනියි

 
වසර 1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ලොව දැවැන්තම පාපන්දු ක්‍රීඩකයෙකු වන ඩියෙගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී තිබේ.
 
ඔහුට සිය නිවසේදී ඇති වූ හෘදයාබාධයකින් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 
මියයන විට ඔහු 60 වියේ පසුවිය.
 
මොළයේ ඇති වූ ලේ කැටියක් ඉවත් කිරීමට ඔහු මේ මස මුලදී සැත්කමකට භාජනය වූ අතර, සාර්ථකව සිදුවූ සැත්කමෙන් පසුව ඔහු විවේකයෙන් පසුවිය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top