Nov 26, 2020

නාමල්ගේ LPL පිල - සංගා මහේලගේ LPL කතා  Featured

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද සවස 3.00ට පැවැත්වෙන එහි සමාරම්භක උත්සවයත් සමඟ ආරම්භ වේ.

තරගාවලිය දෙසැම්බර් මස 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

කලම්බු කිංග්ස්, ගෝල්ඞ් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා ස්ටැලියන්ස්, දඹුල්ල වයිකින්ග්ස්, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් පහ මෙහි කිරුළ සඳහා තරග වදිති.

පළමු තරගය රාත්‍රී 7.30 ට හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කලම්බු කිංග්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරණ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර පැවැත්වේ.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කලම්බු කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළේ තරගාවලියේ දී පන්දු යැවීම සඳහා තමා සූදානමින් පසුවන බවයි. 

පසුගිය මාස 8ක පමණ කාලය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට බාධා සිදු වුවද තමා සිය ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් එම කාලයේ දී යොමු කළ බව ද ඔහු එහිදී කියා සිටියේය. 

මේ අතර මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සුබපැතුම් එක් කරමින් ට්විටර් සටහන් එක් කර තිබේ. 

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂද තමන් කුමන කණ්ඩායමකට සහය දිය යුතුද යන්න පිළිබඳ මත විමසීමක් කරමින් ට්විටර් සටහනක් තබා තිබේ.

LPL1 670px 20 11 26LPL1 670px 20 11 26LPL1 670px 20 11 26

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top