Nov 27, 2020

නවසීලන්ත සංචාරය අතරතුර පකිස්තානුවන් 6කට කොවිඩ්!

මේ වන විට නවසීලන්තයේ සංචාරයක නිරත වන පකිස්තානු ක්‍රිකට් පිලේ සාමාජිකයන් සයදෙනෙකු හට Covid-19 වැළඳී ඇතැයි පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ලාහෝර් නගරයෙන් පිටත් වීමට පෙර අවස්ථා 4කදී ඔවුන්ව Covid-19 පරීක්ෂණ වලට ලක්කර තිබුණද, එම සංචාරයේ නිරතවූ පකිස්තානු සංචිතය එම සෑම අවස්ථාවකදී ම ඝෘණාත්මක වී තිබුණි.

ඔවුන් පසුගිය 24දා නවසීලන්තයට පැමිණීමෙන් අනතුරුව මෙලෙස Covid-19 පරීක්ෂාවට ලක්කර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top