හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ ඊයේ (27) පැවැති තරගයේදී ජැෆ්නා ස්ටැලියන් පිල වෙතින් පරාජයට පත්වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් පිලයි.
අවිෂ්ක ප්‍රනාන්දු (නොදැවී 92) ගොඩනැගූ අනගි ඉනිම ජැෆ්නා ස්ටැලියන් පිලට සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට පහසු කළේය.
යොවුන් ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු සිය ලකුණු 92 රැස් කළේ පන්දු 63 කදීය.
අවිෂ්කගේ ඉනිම හතරේ පහර පහකින් සහ හයේ පහර හතකින් වර්ණවත් විය.
යාපනය පිල ලකුණු 176 ක ජයග්රාහි ඉලක්කය පන්දුවාර 19.3 කදී කඩුලු දෙකක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
අවිෂ්ක සහ ෂොයිබ් මලික් (නොදැවී 27) තෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩ නැගීම ද විශේෂිතය.
වියපත් ඇෆ්රීඩිගේ සවිමත් ඉනිම !
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී සිටින 40 හැවිරිදි සහිඩ් අෆ්රිඩි පන්දු 23 කින් හතරේ පහර තුනක් සහ හයේ පහර හයක් සමගින් ලකුණු 58 ක් රැස්කිරීම විචාරක කතාබහට ලක්විය.
අද (28) තරග
තරගාවලියේ තෙවැනි දිනය වන හෙට (28) මහනුවර සහ දඹුල්ල අතර දිනයේ පළමු තරගය පස්වරු 3.30 ට ද, ගාල්ල සහ කොළඹ අතර දෙවැනි තරගය රාත්‍රී 8.00 ට ද, ආරම්භ වීමට නියමිතය.
ගාල්ල ග්ලැඩියේටර්ස් පිල (පන්දුවාර 20 කදී) 175/8
(ධනුෂ්ක ගුණතිලක 38, අසාම් ඛාන් 20, භානුක රාජපක්ෂ 21, සහිඩ් අෆ්රිඩි 58, ෂෙහාන් ජයසූරිය 17, වනිඳු හසරංග 12/2, ඩුඈන් ඔලිවර් 44/4, තිසර පෙරේරා 30/1)
යාපනය ස්ටැලියන්ස් පිල (පන්දුවාර 19.3 කදී) 178/2
(අවිෂ්ක ප්‍රනාන්දු නොදැවී 92, මිනෝද් භානුක 18, ටොම් මුවර්ස් 18, ෂොයිබ් මලික් නොදැවී 27, මොහොමඩ් අමීර් 29/1, මොහොමඞ් ශරාෂ් 38/1)