Nov 30, 2020

ගුරා නයිජීරියා කණ්ඩායමේ ප්‍රධාන ගුරා වෙයි Featured

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අසංක ගුරුසිංහ මහතා නයිජීරියානුන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.

හෙට සිට වසර 03ක කාලයක් ඔහු නයිජීරියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බව වාර්තා වේ..

1996 වසරේදී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනාදුන් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස ඔහු සැලකෙයි.

54 හැවිරිදි අසංක ගුරුසිංහ මහතා මෙරට වෙනුවෙන් ටෙස්ට් තරග 41කට හා එක්දින තරග 147කට ක්‍රීඩා කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top