Nov 30, 2020

LPL ගහන මාලිංදගෙන් දූෂණ විමර්ශන ඒකකය කටඋත්තර ගනියි! Featured

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඉකුත් 28 වැනිදා පැවැති දඹුල්ල වයිකිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් අතර තරගයේදී දඹුල්ල වයිකිංග්ස් දඟපන්දුයවන ක්‍රීවක මාලිංද පුෂ්පකුමාරව ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ විමර්ශන ඒකකය ප්‍රශ්න කර ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඒ ඔහු නිපන්දුවක් යැවීම සම්බන්ධයෙනි.

දඟපන්දු යවන්නන් වෙතින් මෙවැනි පන්දුවාර විස්සයි-20 තරගවලදී නිපන්දු යැවීම සිදුවීම විරල වීමත් එම නිපන්දුව පන්දු යැවීමේදී මාලිංදගේ පාදය නිපන්දු සීමාවෙන් විශාලවශයෙන් පිටතට යාමත් නිසාය.

මාලින්දගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන අවස්ථාවේ අයි.සී.සී.යේ ක්‍රිකට් දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන්ද සිටි බව වාර්තා වේ.

මාලිංද ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට තෝරාගෙන ඇත්තේ අවසන් මොහොතේ බවත්, ඔහුට මුරිසියේ තරගාවලියක් සඳහාද ආරාධනා ලැබී තිබියදී මේ තරගාවලියට එක්ව ඇති බව පැවසේ.

අදාළ අවස්ථාවේ වීඩියෝව පහත දැක්වේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් මීට පෙර නිවේදනය කර තිබුණේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා ගත යුතු ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බවයි.

තරගාවලියේ ගුණාත්මකභාවය බිඳ වැටෙන කුමන කටයුත්තක් හෝ තරගාවලිය තුලදී වාර්තාවුවහොත් ඒ සම්බන්ධව දැඩි තීරණය ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද ඔවුන් සඳහන් කළේය.

මුදලට තරග පාවා දීම, දූෂණ වංචා, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම වැනි ක්‍රියාවන් ශ්‍රී ලංකා නීතිය යටතේ සාපරාධී වැරදි බවට පත්කරමින් මෑතක දී පනවනු ලැබූ 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනතට අනුගත වෙමින් තරගාවලියට සහභාගී වන සියලුම දෙනා කටයුතු කිරීම අනිවාර්ය වේ.

තරගාවලිය අතරතුර සැක සහිත හෝ දූෂිත ක්‍රියායාවක් පිළිබඳව වාර්තා වුවහොත් ඒ පිළිබඳව තොරතුරු ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දූෂණ විරෝධී අංශය පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්ද හදුන්වාදී ඇති අතර එම දුරකථන අංක සහ විද්‍යූත් ලිපිනය පහතින් දැක්වේ.

ශ්‍රී ලංකාව - +94769053800
ඩුබායි - +97565458909 (මෙම අංකයට වට්ස්ඇප් මඟින් ද ඇමතුමක් ලබා දිය හැක.)
විද්‍යුත් තැපැල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සබැඳි පුවත්
බුකියෝ වැඩ අල්ලයි - ක්‍රීඩකයෙකුට LPL පාවාදෙන්නැයි යෝජනාවක්

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top