මහනුවර ටස්කර්ස් - ගාල්ල ග්ලැඩියේටර්ස්
සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති දෙවැනි තරගයේදී මහනුවර ටස්කර්ස් ක්‍රීඩකයෝ ලකුණු 25 කින් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල පරාජය පත් කළේය.
ඒ අනුව ගාල්ල පිල මේ වන විට සහභාගි වූ තරග තුනම පරාජයට පත්වීම කැපී පෙනේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කය හඹාගිය ගාල්ල පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 171 ක් පමණි.
ධනුෂ්ක ගුණතිලක හුදකලා ඉනිමක නිරත වෙමින් පන්දු 53 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 82 ක් රැස්කළේය.
හිටපු සුපිරි තරුවක් වන සහිඩ් අෆ්රිඩි පළමු පන්දුවේදීම ලකුණු නොලබා සීකුගේ ප්‍රසන්න හමුවේ දැවීයෑමත් මෙහිදී විශේෂිතය.
මුලින්ම පන්දුවට පහරදුන් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 171ක් රැස් කළේය.
එහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 82ක් රැස් කිරීමට සමත් විය.
ජැෆ්නා ස්ටැලියන්ස් - දඹුල්ල වයිකින්ස්
ජැෆ්නා ස්ටැලින්ස් කණ්ඩායම දඹුල්ල වයිකින්ස් කණ්ඩායම ලකුණු 66කින් පරාජයට පත්කරගනිමින් මේ තරගාවලියේ ඔවුන් සහභාගිවූ දෙවැනි ජයත් සටහන් කිරීමට සමත්විය.
ඒ අනුව යාපනය කණ්ඩායම, මේ වන විට ලකුණු 4 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 218ක් රැස් කිරගැනීමට සමත් විය.
තිසර පෙරේරාගේ ප්‍රහාරාත්මක පිතිහරඹයක් දියත් කරමින් දඹුල්ල වයිකින්ස් කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 97ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දඹුල්ල වයිකින්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 152ක් පමණි.
තරඟයේ වීරයා සම්මානය තිසර පෙරේරා විසින් හිමි කර ගැනීමට සමත් විය.
හෙට තරග
තරගාවලියේ පස්වැනි දිනය වන හෙට (01) කොළඹ සහ දඹුල්ල අතර දිනයේ පළමු තරගය පස්වරු 3.30 ට ද, යාපනය සහ මහනුවර අතර දෙවැනි තරගය රාත්‍රී 8.00 ට ද, ආරම්භ වීමට නියමිතය.
ලකුණු සටහන