Dec 03, 2020

අෆ්රිඞ් යළි පකිස්තානයට

ගෝල් ග්ලැඩියේටර්ස් පිළේ නායක ෂහිඞ් අෆ්රිඞ් LPL තරගාවලිය අතරමග හදිසියේම යළිත් සිය මව්රට බලා ගොස් ඇත.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අෆ්රිඩි පවසා තිබුණේ හදිසි පුද්ගලික අවශ්‍යතාවක් මත හදිසියේම යළිත් යාමට සිදුවූ බවත් පවතින තත්වය සමථයකට පත්වූ වහාම යළිත් සිය කණ්ඩායම හා එකතු වන බවත්ය.

අෆ්රිඞ් ගේ නායකත්වය යටතේ ගෝල් ග්ලැඩියේටර්ස් පිළ  මුහුණදුන් තරග ත්‍රිත්වයම පරාජය වී ඇති අතර, තරගාවලියේ මේ දක්වා කිසිදු ජයක් වාර්තා නොකල එකම කණ්ඩායමද ඔවුන්ය.

අෆ්රිඩි වෙනුවට ගෝල් ග්ලැඩියේටර්ස් උප නායක භානුක රාජපක්ෂ තාවකාලික නායකත්වයට පත් කෙරෙනු ඇති බව පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top