Dec 04, 2020

කල් ගිය කැරම් නිලවරණය මේ මස අගදී

ඉකුත් නොවැම්බර් මුල් සතියේ බස්නාහිර පළාතට පනවා තිබුණු නිරෝධායන ඇදිරිනීතිය හේතුවෙන් කල් තබන ලද කැරම් සංගම් නිලවරණය මේ මස අග පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

අදාළ නිලවරණය 2019 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණත් ක්‍රීඩා සංගම්වල පැවැති ගැටලු කිහිපයක් හේතුවෙන් ඉකුත් නොවැම්බර් 06 වැනිදා දක්වා එය කල් තැබීමට සිදු විය.

මෙවර කැරම් සභාපති තනතුර සඳහා හිටපු සභාපති පරාක්‍රම බස්නායක සහ හිටපු උප සභාපතිවරයෙකු වූ සුසන්ත ප්‍රනාන්දු තරග වැදීමට සූදානමින් සිටියි.

කැරම් නිලවරණයේ ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා බහුතරයක් ප්‍රතික්ෂේප වීම මත ලේකම්, තරග ලේකම්, භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික යන තනතුරු නිතරගයෙන් තේරී පත්වීමට නියමිතව තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top