Dec 04, 2020

තවත් ක්‍රීඩකයන් දෙදෙනෙක් LPL අතහැර යයි? Featured

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කරමින් සිටි තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු තරගාවලිය අතරමැදදී හදිසියේ  ඉවත් වීමට නියමිත බව වාර්තා වේ.

මෙලෙස ඉවත්වීමට නියමිතව ඇත්තේ Covid-19 ආසාදනය වූ පකිස්තානු ජාතික සොහේල් තන්වීර් හා කැනේඩියානු ජාතික රවින්ද්‍රපාල් සිං ය.

ඔවුන් හැකි ඉක්මනින් සිය රටවලට යාමට නියමිත බව පැවසේ.

ඔවුන්ට අවසන් වරට සිදුකළ PCR පරීක්ෂණ වල ප්‍රථිපල ඍණාත්මක වූවත්, ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් සුවවූ Covid-19 රෝගීන් සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ  අනුව, එවැනි පුද්ගලයන් සිය සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව LPL තරගාවලියේ වෛද්‍ය අධ්‍යක්ෂ - මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

මීට පෙර, ෂහිඩ් අෆ්රිඩි හා අෆ්තාබ් අලාම් ද හදිසියේ සිය රටවල් බලා පිටත්ව ගොස් තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top