Dec 05, 2020

විස්තර විචාරක රසල් ආනල්ඩ් නිරෝධායනය වුණේ දින 6? Featured

පසුගිය නොවැම්බර් 19 වැනිදා දෝහා කටාර් හි සිට කටාර් එයාවේස් 668 ගුවන් යානයෙන් පාන්දර 1.45ට මෙරටට ගොඩ බසින ලද LPL විස්තර විචාරක රසල් ආනල්ඩ් 25 වැනිදා සිට එම තරගාවලියේ කටයුතු වල නිරතවීම මේවන විට කතා බහට ලක්ව තිබේ.

රසල් පසුගිය 18 වැනිදා දෝහා සිට ලංකාවට ගමන් ආරම්භ කිරීමේදී ඔහු විසින් ගෙන ඔහුගේ ට්විටර් ගිණුමට මුදාහරින ලද ඡායාරූපද තිබේ. (එය පහල පලවේ)

නොවැම්බර් 18 වැනිදා ගුවන් යානයේදී හා ඉන් පිටතදී රසල් ගත් ඡායාරූප. දකුණු අප්‍රිකානු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් ද එක් ඡායාරූපයක සිටී. Russel Screenshot 2020 12 05 at 08.24.27

බයෝ බබල් (bio bubble) නිරෝධායන සංකල්පය වලංගු වන්නේ විදෙස් ක්‍රීඩකයන්ට පමණක් බැවින් රසල් අනිවාර්යයෙන්ම දින 14ක නිරෝධායන සීමාවට යටත් විය යුතුය. 

ඔහුගේ පැමිණීමට අනුව ඔහුගේ නිරෝධායන කාලය අවසන් වන්නේ පෙරේදා (03) වැනිදායින්ය. 

කෙසේවුවද, රසල් මෙරට නිරෝධායන රෙගුලාසිවලට යටත්ව නොමැති බව මේ අනුව පෙනී යන්නකි.

මේ අතර, ලංකා ප්‍රෙමියර් ලීග් තරගාවලියේ දේශීය ක්‍රීඩකයන් දින 14ක් නිරෝධායනය විය යුතුය යන සෞඛ්‍ය රෙගුලාසි කඩකල තවත් දේශීය ක්‍රීඩකයකු ගැනද තොරතුරු වාර්තා වේ.

ඒ මාලිංග පුෂ්පකුමාරය ඔහු ද තරගාවලියට එක්ව ඇත්තේ නියමිත දින ගණන නිරෝධායනය නොවීය. ඔහු තරගාවලියට එක්වූයේ ඩුබායි හි සිට මෙරටට පැමිණ බවද පැවසේ.

 

 

 

රසල් ඉකුත් නොවැම්බර් 26 වැනිදා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී ගෙන සිය ට්විටර් ගිණුමට මුදාහරින ලද ඡායාරූපය.Russel Screenshot 2020 12 05 at 09.27.32

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top