ඒ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හා එම කර්මාන්ත කරුවන් අතර පැවැති සාකච්ඡාවකදීය.
ඒ අනුව ලබන වසරේ සිට එම කටයුතු ආරම්භ කිරීමට විධිවිධාන යෙදීමට කර්මාන්ත අමාත්‍යාංශය සූදානම් වන බවද වාර්තා වේ.
ඒ පිළිබඳව මෙරට යතුරු පැදි එකලස්කරුවන් හා ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු විය.
පසුගිය වසරේ යතුරු පැදි ආනයනය සඳහා ශ්‍රී ලංකාව රුපියල් කෝටි 420ක් වැය කර ඇති අතර අමතර කොටස් සඳහාත් විශාල වියදමක් දරා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
ජපන් වාහන අපනයනකරුවන් දැඩි අසීරුතාවක
කොරෝනා ව්‍යාප්තියත් සමඟ වාහන ආනයනය නතර කිරිමට රජය ගත් තීරණයත් සමඟ ජපානයේ වාහන අපනයනකරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ජපානයේ වාහනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති නිශාන්ත මීගල්ල මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ සිය සංගමයේ එරට සිටින සමාජිකයින් මෙරටට ආනයනය කිරිමට සුදානම් කර ඇති වාහන එරට වරායන් තුළ ගාල් කර ඇති බවය.
මේ හේතුවෙන් ඔවුන් ගැටළු රැසකට මුහුණ දී ඇති අතර, පසුගිය මාර්තු මාසයට පෙර මෙරටට ආනයනය කිරිමට ඇනවුම් කර තිබූ වාහන පමණක් ගෙන්වීමට කටයුතු කරන ලෙසයි ජපානයේ වාහනකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත මීගල්ල එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.