Dec 05, 2020

අසන්ත ද මෙල් යළි ක්‍රිකට් තේරීම් කමිටුවේ ලොකු පුටුවට

සමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා ඊයේ (04) ක්‍රීඩා අමත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබේ. 

එහි සභාපතීත්වයට අසන්ත ද මෙල් මහතා පත්කර ඇති අතර එම කමිටුවට සාමාජිකයින් 06 දෙනෙකු සහ එක් සාමාජිකාවක් අතුලත්ය. 

චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රංජිත් මදුරසිංහ, නිල්මිණී ගුණරත්න, හේමන්ත දේවප්‍රිය සහ උවයිස් කර්නේන් එහි අනෙකුත් සාමාජිකයින් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top