ඇන්ඩර්සන් පසුගිය වසරේ ඕක්ලන්ඩ් ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් අවසන්වරට ක්‍රීඩා කළ අතර ඔහු දැනට වෘත්තීමය මට්ටමෙන් අමෙරිකාවට එක්ව සිටියි.
2015 ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්තයේ ප්‍රධාන සාමාජිකයකු වූ ඇන්ඩර්සන් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 13කට, එක්දින තරග 49කට හා විස්සයි - 20 තරග 31කට ක්‍රීඩා කර තිබේ.
ඔහු 2014දී පන්දු 36කදී වේගවත්ම එක්දින ශතකය රැස් කරමින් වාර්තා පොතට එක් වූ අතර එය පසුව පන්දු 31කදී වාර්තා කොට ඒ.බී ඩි විලියර්ස් වාර්තාව තමා සතු කර ගත්තේය.
වසර තුනක පදිංචිය නිමා කිරීමෙන් පසුව වෙනත් රටක ක්‍රීඩකයන්ට අමෙරිකා එක්සත් ජනපදය අන්තර්ජාතික මට්ටමින් නියෝජනය කිරීමේ නීතිමය හැකියාව උදාවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.