කලම්බු කිංග්ස් පිල කඩුලු 7කින් කැන්ඩි ටස්කර්ස් පිල පරාජය කළ අතර, දඹුල්ල වයිකින්ග් පිල ලකුණු 9කින් ගෝල් ගැලැඩියේටර්ස් පිල පරාජය කළේය.
කලම්බු කිංග්ස් - කැන්ඩි ටස්කර්ස්
ප්රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 105ක් පමණි.
පිළිතුරු ඉනිම ක්රීඩා කල කළම්බු කිංග්ස් කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී තරඟය ජයග්රහණය කිරීමට සමත් විය.
දඹුල්ල වයිකින්ග් - ගෝල් ගැලැඩියේටර්ස්
ප්රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 207ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්රීඩා කල ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමට කඩුලු 7ක්දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 198ක් පමණි.
තරඟයේ වීරයා සම්මානය අන්වර් අලී විසින් හිමි කර ගැනීමට සමත් විය.