Dec 07, 2020

හිරුණි මෙරට මැරතන් වාර්තා අලුත් කරයි

මෙරට මළල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වේ දෙවන හොඳම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ හිරුණි විජේරත්න සමත් විය.

ඒ, ස්පාඤ්ඤයේ ඊයේ (06) පැවති වැලෙන්සියා මැරතන් තරඟයේදී පැය දෙකයි විනාඩි 36යි තත්ත්පර 16කින් එම ඉසව්ව නිමා කරමිනි.

මෙහිදී හිරුණි ක්‍රීඩිකාවන් 47ක් අතරින් 32 වැන්නා බවට පත්විය.

මෙරට වේගවත්ම කාලය ලෙස හිරුණි මීට පෙර ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවනු ලැබුවේ පැය දෙකයි විනාඩි 34යි තත්ත්පර 10ක කාලයක් තරඟය නිමා කරමිනි. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top