Dec 15, 2020

ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් මහ තරගයට ! Featured

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර විස්සයි-20 තරඟාවලිය යටතේ අද (14) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දඹුල්ල වයිකින් පරදා ලකුණු 37ක ජයක් ලැබූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අවසන් මහතා තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කිරගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ 128ක් පමණි.

මේ අනුව ලංකා ප්‍රිමියර් ලීග් කුසලානය සඳහා පැවැත්වෙන අවසන් මහා තරගයට ජැෆ්නා ස්ටැලියන්ස් පිල ගෝල් ග්ලැඩියේටර්ස් පිල සමග අනිද්දා (16) තරග වැඳීමට නියමිතය.

002002

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top