Dec 16, 2020

LPL අවසන් සටන අදයි - Jaffna ද?, Galle ද?

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි - 20 තරගාවලියේ අවසාන මහා තරගය අද (16) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඒ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් සහ භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතරය.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් කලම්බො කිංග්ස්ට එරෙහිව කඩුලු 2ක ජයක් ලැබූ ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසියේ දඹුල්ල වයිකිංග් කණ්ඩායමට එරෙහිව ලකුණු 37කින් ජය ගනිමිනි.

තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top