Dec 17, 2020

ක්‍රිකට් පාලක මණ්ඩලය සමග බැරි බව කියමින් අමීර්, ජගත් ක්‍රිකට් පිටියට සමුදෙයි

පකිස්තානු වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව පවසයි.

පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් කළමනාකාරිත්වය සමග තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාකිරීමට හැකි වන්නේ නැතැයි තමාට හැඟෙන බවත්, මේ වන විට තමා මානසික පීඩාවට ලක්ව සිටින බවත් ඔහු පවසයි.

මේ බව ඔහු ප්‍රකාශ කරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර ගොස් තිබේ.

මේ වන විට LPL තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අමීර්, යළිත් පකිස්තානයට යාමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශයක් නිකුත් කරන බව පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top