එමෙන්ම ලෝක තහනම් උත්තේජක අධිකාරියට ඩොලර් මිලියන 1.27ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.
මීට පෙර වසර 04කට අදාළ වන පරිදි එම නියමය පනවා තිබූ නමුත් ඊයේ (18) වැනිදා එය වසර 02ක් දක්වා අඩු කර ඇති බව එම වාර්තා වල දැක්වේ.
තහනම් උත්තේජන සම්බන්ධ පරීක්ෂණ සඳහා සහය නොදැක්වීමේ රුසියාවේ ක්රියාකලාපය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර ඔලිම්පික්, පාපන්දු ලෝක කුසලානය ඇතුලු ඉහළ පෙලේ තරගාවලි රැසකට රුසියාවේ නාමය යටතේ ඉදිරිපත්වීම මේ අනුව තහනම් වේ.
කෙසේවෙතත් රුසියාවේ ක්රීඩක ක්රීඩිකාවන්ට ස්වාධීනව රටක් නියෝජනය නොවන පරිදි ඉදිරිපත්විය හැකිය.