Feb 25, 2017

මැතිව්ස්ට ටෙස්ට් තරගාවලිය නැති වෙයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට ටෙස්ට් තරගාවලිය අහිමි වී යනු ඇතැයි වාර්තා වේ. 
 
කෙසේවුවද, ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරගාවලිය අතර මැදදී ශ්‍රී ලංකා පිලට එක්වීමට නියමිත බව පැවසේ.
 
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති විස්සයි:20 තරගාවලියේදී පාදයේ කළව පසුපස ආබාධයකට ලක්වූ මැතිව්ස්ට සති කිහිපයක් විවේකය අවශ්‍ය වීම නිසා ඔහු සියරට පැමිණියේය.
 
පිරිසක් ඔහු නැවත සිය රටට පැමිණියේ සිය බිරියට කුළුදුල් දරුවා ලැබෙන්නට ඇති නිසා බැවින් යැයි මතයක් ගොඩ නැගීමට පසුගිය දිනවල උත්සාහ ගනිමින් සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top