Dec 22, 2020

ලංකාවට එරෙහිව කලිස්ගේ සේවය එංගලන්තයට Featured

දකුණු අප්‍රිකාවේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ජැක් කලිස් එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ එළඹෙන ශ්‍රී ලංකා - එංගලන්ත තරග සංචාරය සඳහාය.

ටෙස්ට් තරග 2කට සහභාගිවීම සදහා එංගලන්ත කණ්ඩායම ලබන ජනවාරි මස 03 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතය.

එංගලන්ත - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි මස 14 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top