ඒ අනුව පසුගිය 2019 වසරේ පැවැති තරගාවලියේදී සිදුවූ වැරදි නිවැරදි කර ගැනීම සඳහා තරග 2කින් සමන්විත මෙම තරගාවලිය හොඳ අවස්ථාවක් කර ගැනීමට උත්සාහ කරන බවද දකුණු අපි‍්‍රකානු නායකයා සඳහන් කරයි.
දකුණු අප්‍රිකානු පිල අවසන් වරට 2019 වසරේදී ෆෆ් ඩු ප්ලෙසිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුණ ගැසුණු අතර එම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් විය.
දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එම දක්ෂතාවය දැක්වීමට සමත්වීමත් සමඟ ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ නිජබිමේදී ටෙස්ට් තරගාවලියක් ජයගනු ලැබූ පළමු අවස්ථාවද එය විය.
"ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් වුණු තරගාවලියේදී කණ්ඩායමේ හිටපු සාමාජිකයින් අතරින් මමත්, ෆෆ් ඩුප්ලෙසිත් කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්නවා. ඒ පරාජයේ මතකය තවමත් අපේ හිතේ රැඳිලා තියෙන නිසා එය අපිට මේ වතාවේ නිවැරදි කරගන්න අවශ්‍යයි" යනුවෙන් දකුණු අප්‍රිකානු නායකයා පවසා තිබේ.