ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය හා ක්‍රීඩා අමාත්‍යංශයේ දූෂණ මර්දන කමිටු නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරයි.
ලබන වසරේ පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන ක්‍රමවේදයේ වෙනසක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද තරගාවලියේ අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක් වූ ඇන්ජලේ මැතිව්ස් ඇතුලූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් අවසන් වටයේ තරග පැවැත්වෙන ක්‍රමවේදය වෙනස් කළ යුතු බවට ඉකුත්දා යෝජනාවක්ද සිදු කර තිබු අතර මේ සම්බන්ධයෙන් මේ පිළිබඳ තරග සංවිධායකයින් සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර ලබන වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර තිබේ.