Dec 24, 2020

පැරාලිම්පික් යන්න ලංකාවෙන් හයක් පාස් වෙයි

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ලබන 2021දී ජපානයේ ටෝකියෝ හී පැවැතිවීමට නියමිත පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා ශ‍්‍රී ලංකා පැරාලිම්පික් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හය දෙනකු සුදුසුකම් ලබා තිබේ.

මීට අමතරව තවත් සිව්දෙනකු අදාළ පරිසාධන මට්ටම ආසන්නයට පැමිණ ඇත.

පැරාලිම්පික් පරිසාධන මට්ටම පසුකිරීමට හෙල්ල විසි කිරීමේ ශූර දිනේෂ් ප‍්‍රියන්ත සමග අතක් අහිමි හෝ අතේ ඉහළ කොටස ආබාධිත (ටී 45, 46 කාන්තා මීටර් 100 ඉසව්ව නියෝජනය කරන කුමුදු ප‍්‍රියංකා, අතක් අහිමි හෝ අතේ ඉහළ කොටස ආබාධිත (ටී 46 මීටර් 400 ඉසව්ව නියෝජනය කරන සමන් සුබසිංහ පරිසාධන මට්ටමට ඉක්මවා යෑමට සමත් වූහ. කකුලක් හෝ කකුල් දෙකේ ක‍්‍රියාකාරීත්වය අඩුවීම (එෆ් 44 යටතේ හෙල්ල විසිකරන සමිත දුලාන් මීටර්  66.88 ක දක්ෂතාවක් දක්වමින් පරිසාධන මට්ටම ඉක්මවූ අතර සම්පත් හෙට්ටිආරච්චි ද අදාළ අංශයන්ම පැරාලිම්පික් වරම දිනා ගැනීමට සමත් විය.

ලබන 26 වැනිදා ආරම්භවීමට නියමිත ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී තවත් සිව්දෙනකු පැරාලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවීමට බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top