කණ්ඩායම් 5ක් තරග වදින මෙම තරගාවලිය ලබන ජනවාරි මස 28 වැනිදා සිට පෙබරවාරි 06 වැනිදා දක්වා පැවැත්වෙන අතර මෙම තරගාවලියේ සියලූම තරග අබුඩාබි සයිඞ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මිලියන 80 කට අධික රූපවාහිණී පේ්රක්ෂකයන් පිරිසක් මෙම තරගාවලිය නරඹනු ඇතැයි සංවිධායකයන් අපේක්ෂා කරයි.
පසුගිය වසරේදී මෙම තරගාවලිය ලොව පුරා ජනපි‍්‍රයත්වයට පත්වීම හේතුවෙන් මෙවර ඊටත් වඩා පේ්රක්ෂක ආකර්ෂණයක් ඔවුන් බලාපොරොත්තු වේ.
එම තරගාවලිය සඳහා තෝරාගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පහත පරිදි වේ.
තිසර පෙරේරා, චාමර කපුගෙදර, අජන්ත මෙන්ඩිස් (පූනේ ඩෙවිල්ස්), වනිඳු හසරංග, ළහිරු කුමාර, භානුක රාජපක්ෂ (ඩෙකෑන් ග්ලැඩියේටර්ස්), දසුන් ශානක, දුෂ්මන්ත චමීර (දිල්ලි බුල්ස්), නුවන් ප්‍රදීප්, මහේෂ් තීක්ෂණ (නොදර්න් වොරියස්), ඉසුරු උදාන (බංග්ලා ටයිගර්ස්), අවිශ්ක ප්‍රනාන්දු (අබුඩාබි)