Dec 27, 2020

දිනේෂ් හා ධනංජය ලංකාවේ මුල් ඉනිම ඔසවති Featured

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව පළමු දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 340ක් ලබා සිටියේය.

කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

මේ වසරේ ජනවාරි මාසයෙන් අනතුරුව දෙපිලම ටෙස්ට් තරගයකට සහභාගී වන පළමු අවස්ථාව මෙයයි.

එමෙන්ම 2012 වසරින් අනතුරුව නත්තල් දිනට පසු දින හෙවත් බොක්සිං දිනයේදී ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගී වන පළමු අවස්ථාව ද මෙය වේ.

නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 28කට සීමා විය.

කුසල් මෙන්ඩිස් ලකුණු 12කට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 16යි.

ලකුණු 54ක් තුළ මුල් පෙල කඩුලු 3 බිඳ වැටුණි.

අනතුරුව පිටියේ ස්ථාවර වූ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 131ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක් කළේ ය.

7 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ධනංජය ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වනවිට ලකුණු 79 ක් ලබා සිටියේය.

දිනේෂ් චන්දිමාල් 19 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. චන්දිමාල් ලකුණු 85කට දැවී ගියේය.

නිරෝෂන් දික්වැල්ලගේ ඉනිම ලකුණු 49කට සීමා විය.

ශ්‍රී ලංකා පළමු ඉනිම
දිමුත් කරුණාරත්න 22, දිනේෂ් චන්දිමාල් 85, ධනංජය ද සිල්වා (තුවාල ලබා පිටියෙන් පිටවන විට) 79, නිරෝෂන් දික්වැල්ල 49, දසුන් ශානක (නොදැවී) 25, කසුන් රාජිත (නොදැවී) 07, ලුන්ගි න්ගිඩි 54/1
ලුතෝ සිපම්ලා 68/1, ඇන්රිච් නෝයේ 60/1, වියාන් මල්ඩර් 68/3)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top