සංගා දශකයේ ටෙස්ට් කණ්ඩායමටත් මාලිංග දශකයේ විස්සයි20 හා එක්දින කණ්ඩායම්වලටත් නම්ව තිබේ.
වසර 2010 සිට 2020 දක්වා අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සුවිශේෂී දස්කම් දැක්වූවන් අතුරින් ඒ ඒ කණ්ඩායම් සඳහා යොදාගත හැකි හොඳම ක්‍රීඩකයන් 11 දෙනා දශකයේ ක්‍රිකට් කණ්ඩායම් වලට තෝරා ගන්නා ලදී.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂ තේරීම් මණ්ඩලයක් විසින් මෙම කණ්ඩායම් තෝරා ගැනීම සිදුකර ඇත.
එම කණ්ඩායම් පහත දැක්වේ.
දශකයේ ටෙස්ට් කණ්ඩායම
ඇලිස්ටෙයාර් කුක්, ඩේවිඩ් වෝනර්, කේන් විලියම්සන්, විරාට් කෝලි (නායකයා), ස්ටීව් ස්මිත්, කුමාර් සංගක්කාර (කඩුලු රකින්නා), බෙන් ස්ටෝක්ස්, රවිචන්ද්‍රන් අශ්වින්, ඩේල් ස්ටේන්, ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩර්සන්.
දශකයේ එක්දින කණ්ඩායම
රෝහිත් ෂර්මා, ඩේවිඩ් වෝනර්, විරාට් කෝලි, ඒ. බී. ඩිවිලියර්ස්, සකිබ් අල් හසන්, මහේන්ද්‍ර සිං දෝනි (නායකයා), බෙන් ස්ටෝක්ස්, මිචෙල් ස්ටාක්, ට්‍රෙන්ට් බෝල්ට්, ඉම්රාන් තාහීර් සහ ලසිත් මාලිංග
දශකයේ විස්සයි-20 කණ්ඩායම
රෝහිත් ෂර්මා, ක්‍රිස් ගේල්, ඒරන් ෆින්ච්, විරාට් කෝලි, ඒ.බී.ඩිවිලියර්ස්, ග්ලෙන් මැක්ස්වෙල්, මහේන්ද්‍ර සිං දෝනි (නායකයා), කිරන් පොලාර්ඩ්, රෂීඩ් ඛාන්, ජස්ප්‍රීට් බුම්රා සහ ලසිත් මාලිංග