Dec 28, 2020

මලල ක්‍රීඩා තරගාවලියේ දී එශාන් ට අද ජය Featured

සෞඛ්‍ය නීති වලට යටත්ව කොළඹ සුගතදාස ක්‍රීඩාoගණයේ මේ දිනවල පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ අද (28) පැවැති මීටර 100 අවසන් තරගයේදී තත්. 10.27 ක කාලයක් වාර්තා කරමින් යුද හමුදාවේ හිමාෂ එශාන් ජයග්‍රහණය අත් කර ගත්තේය.

කොවිඩ් සමය තුළ පුහුණුව සඳහා පවතින බාධක හමුවේ ඔහු වාර්තා කළ කාලය සෑහීමට පත් විය හැකි දියුණුවක් පෙන්නුම් කරන්නකි.

පසුගිය සාෆ් තරගාවලියේදීද නව සාෆ් තරග වාර්තාවක් පිහිටුවමින් එහි රන් පදක්කම දිනා ගත්තේ හිමාෂ එශාන් ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top