Dec 29, 2020

ලංකාව දකුණු අප්‍රිකාවට ඉනිමක පරදියි ! Featured

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඉනිමක සහ ලකුණු 45ක පහසු ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (29) සෙන්චූරියන්හිදී සමත් විය.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 396ක් ලබාගත්තේය.

ඊට පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 621ක් ලබා ගැනීමට සමත්විය.

දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 225ක් පිටුපසින් දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 180 ක් පමණය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 64 ක් සහ වනිඳු හසරංග ලකුණු 59 ක් ලබා ගත්තේය.

ආබාධයක් හේතුවෙන් ධනංජය ද සිල්වාට දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමේ අවස්ථාව අහිමිවිය.

SL SA 29 12 20

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top