ඒ අනුව 2021 වසරේ පෙබරවාරි 6 වන ආරම්භ වීමට නියමිතව තිබූ යොවුන් මලල ක්‍රීඩා සංචිත තේරීම් තරගාවලියද කල් දැමිණි.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පෙබරවාරි මාසයේදී යොවුන් සංචිත තේරීම් තරගාවලි පැවැත්වීම සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් පැවතුනු අතර මෙම කල් දැමීම හේතුවෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ මානසිකත්වයකින් යුතුව තරගාවලිය සඳහා සූදානම් වීමේ අවස්ථාව ලැබී තිබේ. අදාළ යොවුන් තරගාවලියේ සංචිත තේරීමේ තරගාවලියේ නව දින වකවානු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇත.
මේ අතර චීනයේ සන්යා හිදී පැවැත්වීමට නියමිතව තිබූ 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල දෙවන වරටත් කල් දමන්නට ආසියානු ඔලිම්පික් කවුන්සිලය විසින් තීරණය කර තිබේ.
මෙම වසරේ නොවැම්බර් 28 සිට දෙසැම්බර් 6 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම ක්‍රීඩා උළෙල කොවිඩ් අවදානම මත 2021 අප්‍රේල් 2 වනදා දක්වා කල් දැමිණි.
වාර්තාවන අන්දමට චීනයේ සෞඛ්‍ය අංශ විසින් පැවැත්වීමට මේ වනවිට අවසර හිමිවී ඇති එකම ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්ව වන්නේ 2022 වසරේ පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙල වේ.