Jan 02, 2021

BCCI සභාපති ගංගුලි රෝහල්ගත කරයි Featured

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) සභාපති හා එරට හිටපු ක්‍රිකට් නායක - සව්රව් ගංගුලි අද (02) දිනයේදී රෝහල් ගත කර තිබෙන බව වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත්තේ පපුවේ වේදනාවක් හේතුවෙන් ඔහු කොල්කටා නුවර රෝහලකට ඇතුලත් කර ඇති බවයි.

ඔහුට සුළු හෘදයාබාධයක් ඇති වී ඇති බව පැවසේ.

වසර 2008දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් ගංගුලි, මේ වන විට 48 වියේ පසුවන අතර, ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස 2019දී පත්විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top