Jan 03, 2021

ක්‍රිකට් ආයතනය හෙට සිට නැවත දනුම්දෙනතුරු වසාදමයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයේ සේවකයන්ට හෙට (04) සිට නැවත දැනුම්දෙනතුරු "ගෙදර සිට වැඩකිරීම” ට (work from home) කටයුතු කරන ලෙස එහි මනාව සම්පත් කළමනාකරු තනේෂ් ඩයස් මහතා දැනුම්දී තිබේ.

එසේම නැවත දැනුම්දෙනතුරු ක්‍රිකට් ආයතනයට පිටස්තර පුද්ගලයන් ඇතුළු කර නොගන්නා ලෙසද තනේෂ් මහතා ඊමේල් පණිවුඩයක් මගින් සිය සේවකයන්ට දන්වා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙසේ හදිස්සියේම මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ එහි දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම නිසා යැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, ටෙස්ට් තරග දෙකක් සඳහා සහභාගිවීමට 40 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත ක්‍රිකට් පිල අද (03) පෙරවරුවේ මත්තල ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

සබැඳි පුවත්
එංගලන්ත පිල 40ක් සමඟ මත්තලින් ලංකාවට ඇතුළු වෙයි !

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top