මෙරටට පැමිණීමට පෙර සිදුකළ පරීක්ෂණයේදී ඔහුට Covid-19 ආසාදනය නැතැයි සනාථ වී තිබුණි.
මොයින් අලී, Covid-19 ආසාදනය වූ පළමු එංගලන්ත ක්රිකට් ක්රීඩකයා වේ.
නිවේදනයක් නිකුත් කරමින් එම ක්රිකට් මණ්ඩලය පවසන්නේ එංගලන්ත කණ්ඩායම හම්බන්තොටට පැමිණීමෙන් අනතුරුව සිදුකරනු ලැබූ PCR පරීක්ෂණයේදී මොයින් අලීට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.
මේ අනුව, 33 හැවිරිදි අලී දින 10ක කාලයක් ස්වයං නිරෝධානය වන බවත් එම නිවේදනයේ දැක්වේ.
තවද, ඔහුගේ සමීප ආශ්රිතයෙකු ලෙස සැලකෙන එංගලන්ත පිලේ තවත් තුන් ඉරියව් ක්රීඩකයෙකු වන ක්රිස් වෝක්ස් ද ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙන අතර, Covid-19 වැළඳී ඇතිදැයි බැලීමට ඔහුව යළිත් පරීක්ෂණයකට යොමුකිරීමට නියමිතය.
බදාදා දිනයේදී පුහුණුවීම් ඇරඹීමට පෙර එංගලන්ත කණ්ඩායමේ ඉතිරි සාමාජිකයන් යළිත් PCR පරීක්ෂණ වලට ලක්කිරීමට නියමිතය.
තරග 2කින් සමන්විත එංගලන්ත - ශ්රී ලංකා ටෙස්ට් තරගාවලිය ජනවාරි 14දා ඇරඹේ.