Jan 08, 2021

විදෙස් ලීග් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවසර නැති වෙයි Featured

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩකයින්ට මෙම වසර තුළ විදෙස් රටවල්වල සංවිධාන කරන කිසිදු තරගාවලියකට ක‍්‍රීඩා කිරීම සඳහා අවසර ලබා නොදීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ මෙම වසරේදී ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට තරගාවලි රැසකට මුහුණදීමට සිදුවීම හේතුවෙන් බවද පැවසේ.

කී‍්‍රඩකයින්ගේ ශරීර යෝග්‍යතාව ඉදිරි තරගවලට අතිශය වැදගත් වන බැවින් මෙවැනි තීරණයකට එළැඹි බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

එමෙන්ම මෙම 2021 වසර  ශ්‍රී ලංකා කණ්ඩායමට අවිවේකී වසරක් වන අතර ටෙස්ට් තරග 8 කට, එක්දින තරග 15 කට සහ විස්සයි - 20 තරග 12 කට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

ඊට අමරතව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ T - 10 තරගාවලියක්ද මෙම වසරේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top